මෙහෙකාර දැරියගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී


(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී  මියගිය බව කියන ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්  රිෂාඩ් බදියුදින් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සමඟ ගිය විශේෂ පොලිස් කණ්ඩායමක්  රිෂාඩ් බදුර්දීන් මහතා රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන  ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.