මෙවර ඉසෙඩ් ස්කෝර් ක්‍රමය වැරදියි


විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ  හරියට පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන විදියටත් යැයි ශ්‍රී ලංකාවට එම ක්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය රෆිල් ඕ තටිල් මහතා කොළඹ මහජන පුස්තකාලයේ දෙසුමකදී ප්‍රකාශ කළේය. ඔහු පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි. අධිකරණය මේ ගැන විශේෂඥ මතය විමසතොත් සිසුන් වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන බව ද මහැදුරු කීවේය. පෙර වතාවන්හි ‍ඉසෙඩ් ස්කෝර් නිවැරදි බවද මහැදුරු ස‍ඳහන් කළේය.