(සිරංගිකා ලොකුකරවිට)
ජාත්‍යන්තර මැයි දිනය යෙදෙන මැයි 01වැනිදා ට වෙසක් පොහොය දිනය යෙදී ඇති බැවින් එදින ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලි කිසිවක් නොපවත්වන බවත් ඒ සඳහා මැයි 07 වැනිදා යොදා ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා අද (27) පැවසීය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මැයි 07වැනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩුවක් බවට පත් කිරීමට ද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.