
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඒ අනුව මෙරටින් දැනට හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ යනු ඇත.
ආචාර්ය ජීවන්දර මහතා මේ තොරතුරු හෙළි කරන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

