
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතාගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
හෘදයා බාදයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බන්දුල වර්ණපුර මහතාගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත්කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.
වර්ණපුර මහතාගේ පවුලේ සාමාජිකයකු අද පෙරවරුවේ පැවසුවේ ඒ මහතාගේ තත්වය තවමත් බරපතල බවයි.

