
(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
මෙම සැකකාරිය ඇය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙමින් මෙලෙස සැඟව සිටින බවද පොලිසිය පවසයි.
දම්පේ සිමිගොඩ පදිංචි ජාතික හැදුනුම්පත් අංක (696641439 ඩ) දරණ කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා (54) නමැති මෙම සැකකාරි හදුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ නමකින් ජාතික හැදුනම්පත් අංක (718262925 ඩ) දරණ අංක 211 ක`ථතර නාගොඩ පාරේ ලිපියක පදිංචි බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
ඉහත ඡායාරූපයේ සිටින සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් (0112- 326670) ව්‍යාජ මුදල් කාර්යාංශයේ පොදු දුරකතනය, ස්ථානාධිපති ව්‍යාජ මුදල් කාර්යාංශය (0718-594901) දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

