මෙම සති අන්තයේ පාසල් රග්බි තරග 4 ක්


අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය. ඉන් තරග දෙකක් කොළඹදී ද, තරග දෙකක් මහනුවරදී ද පැවැත්වේ. තරගාවලියේ දෙවැනි සතිය යටතේ අද (28) තරග තුනක් ද, හෙට (29)තරගයක් ද පැවැත්වීමට නියමිතය. 28 වැනිදා පැවැත්වෙන තරග * ඉසිපතන විදුහල සහ ශා. ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී. * කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර නිත්තවෙල පිටියේදී. * බම්ලබපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර බම්බලපිටියේදී 29 වැනිදා පැවැත්වෙන තරග * කොළඹ රාජකීය විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල පිටියේදී