මෙම 21 වැනි දා රටපුරා විශේෂ ආරක්ෂාවක්


(ඉන්දිකා රාමනායක)

පාස්කු ප්‍රහාරයට වසර 2 සපිරෙන මෙම මස 21 වැනි දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස සමරමින් දිවයින පුරා දේවස්ථාන රැසක විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙම ආරක්ෂාව ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.