රජරට පවතින නියගය ගලේවෙලටද ඉතා දරුණු ලෙස බලපා ඇත.
වතුර නැතිව බණ්ඩි ගොයම් අක්කර ගණන් මැරී ගොසිනි.ගොඩ භෝගවල ඉරණම ද එයයි.
වැව් අමුණු සිඳී ගොසිනි. ළිංවල ද පතුලේ වතුර ටිකක් තාමත් ඇත.මිනිසුන් හරකුන් ඇතුළු අනෙකුත් සත්තු ද පානීය ජල හිගයට මුහුණ පා සිටිති.
ගලේවෙල බබරගස් වැව වෙල් යායේ වී ඇටයක්වත් මෙදා නොලැබෙතියි ගොවියෝ මැසිවිලි නගති.
බුද්ධ භෝගවල දැන් හරකුන් බදිනවා යැයි පද්මා කුමාරී ගෙවිලිය කියන්නීය.







