මෙතෝදිස්ත විදුහලේ සචින් තෙන්ඩුල්කාර්ගෙන් අර්ධ ශතකයක්
කොළඹ රාජකීය විදුහල සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය අතර රාජකීය විදුහල් පිටියේදී පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් රාජකීය විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී මෙතෝදිස්ත විදුහල් පිලේ සචින් තෙන්ඩුල්කාර් (54) සහ රාජකීය විදුහලේ කුෂාන් ගුණරත්න (64) අර්ධ ශතක ලැබුහ.
මෙතෝදිස්ත විද්‍යාලය පළමු ඉනිම 144 (සචින් තෙන්ඩුල්කාර් 54, සුපුන් ප‍්‍රනාන්දු 18, සවීෂ් කාන්ත් 16/2, ගයාන් සසංක 34/2, කුෂාන් ගුණරත්න 20/3)
රාජකීය විදුහල පළමු ඉනිම 173 (කුෂාන් ගුණරත්න 64, සවින් ලියනගේ 27, ගයාන් සසංක 40, සුපුන් ප‍්‍රනාන්දු 29/4, එච්. මධුෂාන් 52/4)

