(අජන්ත කුමාර අගලකඩ සහ රන්ජන් කස්තුරි)
හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති කැබිනට් රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසිනි.
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.