මෙක්සිකෝව- රුසියාව පළමු කොරෝනා මරණ වාර්තා කරයි


කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

වයිරසයෙන් මිය ගොස් ඇත්තේ, දියවැඩියා රෝගියෙකි.

ඔහු වයිරසය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ හඳුනාගත්තේ මාර්තු 9 වැනිදා  බව අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මෙක්සිකෝවේ වයිරසය ආසාදනය වූවන් ගණන 93 දක්වා ඉහළගොස් ඇත.

මේ අතර, රුසියාවේ මොස්කව් නුවර ආසාදිත පුද්ගලයකුද වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර, ඔහු කොරෝනා වයිරසයෙන් රුසියාවේදී මිය ගිය පළමුවැන්නා බව හඳුනාගෙන ඇත.

මියගොස් ඇත්තේ, මාර්තු 13 වැනිදා රෝහල්ගත කළ 79 හැවිරිදි කාන්තාවකි.

මේ වනවිට රුසියාවෙන් ආසාදිතයන් 147ක් වාර්තා වී ඇත.