බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍රයක් විවෘත අධිකරණයක් බවට පත් කර මහාධිකරණ විනිසුරුවන් ඉදිරියේ මූල්‍ය වංචා හතරක් සම්බන්ධව මහජන සාක්කි විමසීම මේ මාසයේදී ඇරඹෙන බව බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
විනිසුරු පද්මන් සූරසේන, විනිසුරු ආමේන්ද්‍ර සෙනෙවිරත්න, විනිසුරු විකුම් කළුආරච්චි, විනිසුරු ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මහජන සාක්කි විමසීම් ඇරඹෙයි.
මේ අවස්ථාවට හිටපු විගණකාධිපති බී.ඒ.ප්‍රේමතිලක කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහත්වරු සහභාගි වෙති.
බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලද මහජන පැමිණිලි සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සාක්කි විභාග ඇරඹෙයි.
මේ වන විට පැමිණිලි 600ක් පමණ ලැබී ඇත. ඒ අතරින් පැමිණිලි 4ක විමර්ශන සිදුකර ලද තොරතුරු පදනම් කර ගනිමින් ඒ සම්බන්ධව මහජන සාක්කි විමසීම් ඇරඹෙයි.
තවත් පැමිණිලි 50ක විමර්ශන කටයුතු සිදුවෙයි. විමර්ශනය සිදු කරනුයේ සහකාර පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමකි.
පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධි විධානයන්ට අනුව මෙම කොමිසන් සභාව ඉදිරියේ සාක්කි දෙන සෑම පුද්ගලයකුටම සාක්කිකරුවන්ගේ වරප්‍රසාදවලට හිමිකම් ලැබෙයි.

