මූල්‍ය වංචා කළැයි සමෘද්ධියේ අටකට නඩු


(සිරාජ් හසීම්)

මූල්‍ය වංචා සහ දූෂණ කළ බවට චෝදනා එල්ල වී තිබෙන සමෘද්ධි නිලධාරීන් අට දෙනකුට එරෙහිව කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇතැයි යාපනය දිසා ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හයකට අනියුක්තව සේවය කරන නිලධාරිනියන් තිදෙනෙක් සහ නිලධාරීන් පස් දෙනෙක් ඔවුන් අතර වෙති.

දූෂණ වංචා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් සිදුකළ පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී ඇත.

මොවුන් වංචනිකව ලබාගෙන ඇති මුදල් නැවත රජයට අයකර ගැනීම වෙනුවෙන් මොවුනට එරෙහිව නඩු පවරා තිබේ.