මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ දී එති


(අංජුල මහික වීරරත්න)

ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිතයෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට  පැමිණෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට අනුවය.

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් වන මුලික එකඟතාවය ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල දැනටමත් පළකර තිබෙන බවත් එහි නියෝජිතයින් පැමිණ අවසන් එකඟතාවයට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවට ආධාර ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කමිටු සභාපති සහ එජාප සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.