මූල්‍ය අපරාධ වළක්වන්න නිර්දේශ 40 ක්


මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සහ ගෝලීය වශයෙන් සිදුවන අනෙකුත් අපරාධ වැළැක්වීමේ අරමුණින් මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා අදාළ නිර්දේශද සහිතව ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ජාත්‍යන්තර සහයෝගීතාව, අධීක්ෂණය, නෛතිකමය පුද්ගලයන් හා සැකසුම් සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉලක්ක ගත මූල්‍ය සම්බාධක ආදී වශයෙන් ශ්‍රී ලංකාව අවශ්‍ය ප්‍රගතිය පෙන්වා නැති බවට මූල්‍ය කාර්ය සාධක බලකාය සඳහන් කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

මූල්‍ය කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවට දී ඇති ක්‍රියාකාරී සැලැස්මේ ලබා දී ඇති කාලය තුළ දී සාර්ථක අයුරින් සම්පූර්ණ කර රටේ අනුකූලතාව මෙන්ම ශ්‍රේණිගත කිරීමද ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.


055