මූන්දලමේ අභිරහස් මරණය ගැන පරීක්ෂණයක්


(ජුඩ් සමන්ත)

අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ  මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ලුණුවිල - ශාන්ත ආනා පුර පදිංචිකරුවකු වන අලවතුරගේ ජුඩ් පෙරේරා (48) නමැති සිව් දරු පියෙකි.

පසුගිය 19 වැනිදා සවස මුන්දලම - බරනන්කට්ටුව ප්‍රදේශයේ ඉඩමක තිබී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මිය ගොස් ඇති අයට අයත් බව කියන අක්කර 10 ක ඉඩමක් මුන්දලම - බරනන්කට්ටුව ප්‍රදේශයේ ඇති අතර මිය ගිය පුද්ගලයා එම ඉඩමට නිතර පැමිණ සොයා බැලීම් සහ වෙනත් කටයුතු සිදු කර ඇත.

පසුගිය 19 වැනිදාද ඔහු තමන්ට අයත් එම ඉඩමේ වැඩ කටයුතු කරමින් සිට ඇති අතර පසුව එම ඉඩමේම සේවය කරන අයෙකුට ඔහු බිම වැටී සිටියදී හමුවී ඇත.