මූන්ගේ දූතයා මංගල හමුවේ


මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරයෙකු වන මිරොස්ලාව් ජෙන්කා බදාදා (21) මංගල සමරවීර විදේශ ඇමැති හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අමාත්‍ය සමරවීර ජෙන්කාට පැහැදිලි කර දුන්නේය.

මෙරට ප‍්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් රජය කර ගෙන යන වැඩපිළිවෙළ ගැනද ඇමැති සහකාර ලේකම්ට කරුණු පැහැදිලි කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් සහ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අතර නිව්යෝර්ක් නුවර පැවති සාකච්ඡුාවන්හිදී අවධානය යොමුවූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පැමිණියේය.