මූදු පිම්ම වරදී


ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පළා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය කියයි.

සරණාගතයින් ලෙස ඉන්දියාවේ රැඳී සිටින ලාංකිකයන්ට පළා ඒම නීතිවිරෝධී වන අතර එලෙස පළා එන පිරිස් ඇල්ලීමට තමිල්නාඩු පොලිසිය විශේෂ මෙහෙයුම් පවත්වති. මොවුන් දෙදෙනා තමිල්නාඩුවේ පම්බන් වෙරළ තීරයෙන් යාත්‍රාවකින් පළා යාමට උත්සාහ කරද්දී අත් අඩංගුවට ගැනිණි.