මූදු ජීවීන් චීනෙට යවන්න හදලා


මුහුදු අශ්වයන්, මුහුදු කූඩැල්ලන්, සිප්පිකටු හා හක්ගෙඩි සමග කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පස් දෙනකුට රුපියල් 40,000 බැගින් දඩ ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

චීන ජාතිකයන් කල්පිටිය නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සේවකයන් බවත්, එම මුහුදු ජීවීන් චීනයට යැවීමට සූදානම් කර තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.