මුුහුදු තීරයට ගොඩ ගැසූ විෂ ද්‍රව්‍ය නාවික හමුදාවෙන් ඉවත් කරයි


(ප්‍රසංග පෙරේරා)

ගිණි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, තිබී මුහුදට වැටී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදා නිලධාරීහු විසින් ආරම්භ කරනු ලැබූහ.

කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට ප්ලාස්ටික් , කඩදාසි ඇතුළු විවිධ ද්‍රව්‍ය මෙලෙස පැමිණෙමින් ඇත. එලෙස වෙරළ තීරයට පැමිණෙන ද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කිරීමට නාවික හමුදා නිලධාරීන් 250 ක පමණ පිරිසක් 27 දා වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදා නිලධාරීයෙක් පවසයි.

මුහුදු වෙරළ තීරයට ගසාගෙන ආ ද්‍රව්‍ය රැගෙන ගිය ප්‍රදේශයේ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද පොලීසිය පවසයි.

රසායනික ද්‍රව්‍ය සහිත සුන් බුන් මෙලෙස රැගෙන යාම ඉතා අනතුරුදායක විය හැකි බවද පොලිසිය පවසයි.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)