මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් බී ධීවරයෙක් මරුට


සිරංගිකා ලොකුකරවිට 

මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල මාගෙදර පදිංචි රනේපුර හේවගේ ගයාන් මධුශංක (29) නමැති අයෙකි.

පසුගිය 11 දා ගාල්ල වරායේ සිට සයුර 01 නමැති බහුදින යාත්‍රාවෙන් ඔහු ඇතුළු 07 දෙනකු මුහුදු ගොස් සිටිය දී  මෙම බෝතලය හමුවී ඇතැයි ද පොලිසිය පවසයි. 

එහි තිබූ දියරය දෙදෙනකු විසින් පානය කර ඇති බවත් නාවික හමුදාවේ යාත්‍රාවකින් ඔවුන් ගොඩබිමට රැගෙන එනවිටත් මෙම පුද්ලයා මියගොස් සිටි බවත් ගාල්ල වරාය පොලිසිය කියයි.