මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


(සුමිත් පොතුපිටිය )

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .

ඒ අනුව රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය,  දුම්රිය ස්ථාන කිහිපයක නවතා ධාවනය වන බවත්, කළුතර දකුණ සිට ගල්කිස්ස බලා ධාවනය වන මන්දගාමී දුම්රිය මරදාන දක්වා ධාවනය වන බවද සදහන් වේ.