මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්


දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (2) පෙරවරුවේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමා වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ නිසා අද උදෑසන රාජකාරී හා පාසල් යන පිරිස් දැඩි අපහසුතාවයට පත්වූ බවත් දුම්රිය කිහිපයක් ප්‍රමාදවූ බවත් කියති.