අම්බන්ගොඩ අවට ප්‍රදේශවලට පැවති අධික වැස්ස හා සුළඟ සමග මුහුදු තීරය රළු ස්වභාවයක් ගෙන ඇත.
මුහුදු රළ ගාලු පාරටද පැමිණි අතර මුහුදු ජලය සමග වැලි හා රොඩු පාරට එකතුවී තිබේ. එසේ ගාලු පාරට ගසාගෙන ආ වැලි හා රොඩු ඉවත් කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අතින් අද (28) සිදුකෙරිණි.
වීඩියෝ හා ඡායාරූප - දීපාල් ද සිල්වා




