දකුණු කොරියාවේ රැකියා සඳහා යාමට සුදුසුකම් ලබාගැනීමේ භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සදහා අයදුම් පත් 4570 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විභාගය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බවත් විභාගය පැවැත්වෙන දිනය කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් ළඟදීම දැනුම් දෙනු ඇති බවත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත්වන 700 දෙනෙකුට ධීවර රැකියා හිමිවනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

