පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එහිදී, ඩිංගි යාත්‍රා 2 ක්, GPS යන්ත්‍ර 2 ක්, ඔක්සිජන් බෝතල් 20 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා විදුලි පන්දම් 4 ක්, මුහුණු ආවරණ 6 ක්, පාවරල් යුගල් 5 ක් සහ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 280 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මුහුදු කූඩැල්ලන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කැරිණි.



