මුහුදු කෑමෙන් නිවෙස්වලට බර හානි


මුහුදු කෑමෙන් රත්මලාන වෙරළ අයිනේ පිහිටි නිවාස සියයකට පමණ හානි සිදුව ඇත. රාත්‍රී කාලයේ මුහුදු කෑම දරුණු බැවින් මේ නිවැසියෝ අසළ ඇති ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ බණ මඩුවේ රැය ගත කරති. විපතට පත්ව ඇති තමන්ට ආහාර සාදා ගැනීමටවත් කිසිදු පහසුකමක් නැතැයි ඔවුහු කියති. මැති ඇමැතිවරු වරින් වර පැමිණ හානිවූ නිවාස බලා ආපසු ගිය ද මෙතෙක් ස්ථිර විසඳුමක් නැතැයි ද ඔවුහු මැසිවිලි නගති.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ආපදාවට ලක්ව සිටින මේ අයට නිවාස ලබා දීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

DSC03758 DSC03759 DSC03761 DSC03764 DSC03769