මුහුද මැද නගරයේ පරිසර වාර්තාවක් ඉල්ලයි


කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරිසර අධ්‍යාපන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 08 වැනිදා තෙක් අභියාචනාධිකරණය නීතිපතිට කල්  දුන්නේය.

ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණය මේ බව දැනුම් දී ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ පරිසර අධ්‍යාපන වාර්තා ඇතුළු අනෙකුත් තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා කල් අවශ්‍ය බවයි. එහෙයින්  කල් ලබාදෙන ලෙස හෙතෙම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම ඔක්තෝබර් මස 08 වැනි දා යළි කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට අදාළ කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිට නියම කළේය.