මුහුණු පොතෙන් රට ගිනි තැබූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්


( ඔගස්ටින් ප්‍රනාන්දු)

ජාතීන් අතර ගැටුම්  ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි  පළ  කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයා  තවදුරටත් ජුලි මස  19  වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද  (5)  නියෝග  කළේය.

හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිළි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන  අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් ( 35 ) නැමැත්තා මෙසේ රිමාන්ඩ් කෙරිණි.

මුහුණු පොතෙහි පල කර තිබු මතයකට සිය මතය ලෙසින් ‘වැඩිය සතුටු නොවන්න ඇඩිමට සිදුවන දිනය වැඩි ඈතක නොවෙයි ‘ ලෙස ඉංග්‍රිසි භාෂාවෙන් පල කළ සටහනක් අනුව ජාතින් අතර යම් සිත් තැවුළක් ඇතිවි ගැටුම්කාරි තත්ත්වයක්  ඇති විය හැකිව තිබු අතර පසුව  මෙම සටහන අනුව කුපිත වු පිරිසක් හලාවත නගරය තුළ  යම් භිෂණකාරි තත්ත්වයක් මතු කර තිබු බැවින් සැකකරු  අත්අඩංගුවට ගෙන තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි.

හලාවත නගරයේ ඉකුත්   ( 12 දා ) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරු සැකකරු මේ වන විට දින 5 7 ක කාලයක් රිමාන්ඩි බන්ධනාගාර ගත කර සිටින බවත් ඔහුට කුමන චෝදනා ඉදිරිපත් කරන්නේ දැයි පැහැදිලි කරණ ලෙසත් ඔහුට ඇප නියම කරණ ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා‍ සිටින බවත් කියා සිටියහ.

මෙහි පැමිණිල් වෙනුවෙන් කරුණු දැක්වු හලාවත පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසය විසින් කරන ලද පරික්ෂණ මේ වන විට අවසන් කර ඇති බවත් ඉදිරි දිනයේ දි සැකකරු ට නගන චෝදනා පැහැදිලි කළ හැකි බවත් කීය.

ඒ අනුව විනිසුරුවරයා සැකකරු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත  පොලිසිය ඉදිරිපත් කළ අතර  සැකකරු වෙනුවෙන් නිතිඥ පායිස් සාලි නිතිඥ මොහොමඩ් නලින් නිතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරු පෙනි සිටියහ.