මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවූ කතක් අත්අඩංගුවට


 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරූ බව කියන වාද්දුවේ කාන්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව  නීති කොට්ථාස භාර නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිරෝධායන කරන පුද්ගලයන් මෙරටදී නිසි අයුරින් නිරෝධායනට ලක් නොකරන්නේ යැයි පවසා ඒ හේතුවෙන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත තත්ත්වය පත් වී ඇති බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදා හැර ඇති බව නියෝජ්‍ය පොලිස් පති වරයා පැවසීය.

වයස අවු.40 වන එම කාන්තාව වාද්දුව රජමල් මාවතේ පදිංචි කාරියකි.