මුස්ලිම් මන්ත්‍රීවරු 10 වැනිදා විශේෂ සාකච්ඡාවක


  (නාලක සංජීව දහනායක)
 
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එ.ජා.ප) එච්.එම්.එම් හාරිස් මහතා ලංකාදීපයට අද  (7) පැවැසීය.
 
ඇතැම් සංවිධාන විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාවන් සම්බනධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද ඔහු කීය.
 
එමෙන්ම නැවැත අමාත්‍යධූර ලබාගන්නා ලෙසට අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය කර ඇති ඉල්ලීම පිළිබදවද මෙහිදී සාකච්ඡුා කෙරන බවද මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
එම සාකච්ඡාවෙන් පසුව නැවත අමාත්‍යධූර ලබා ගන්නේද නැද්ද යන්න තීරණයකට එළබෙන බවද හෙතෙම සදහන් කළේය.
 
ඊට අමතරව රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.