(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පසුගිය දින කිහිපයයක ඇතිවූ කලබලකාරි තත්වයන්ගෙන් පසුව නැවත එවන් අමිහිරි සිදු වීම් ඇති නොවීම සඳහා ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කර ගෙන දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා අදත් (16) මුස්ලිම් දේවස්ථානවලට වැඩම කළහ.
මහනුවර ගල්හින්න ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ අද 16 වන සිකුරාදා පැවැති වන්දනය සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටි අතර අංකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පාලිත ජයරත්න මහතා සමඟ උඩගම දේවානන්ද වදුහලේ විදුහල්පති තුමන්ද පැමිණ සිටියේය.
පල්ලියේ වන්දනය සිදු වන අවස්ථාවට අලවත්ත විහාරස්ථානයේ විහාරාධිකාරි අලවත්තේ ගුණරතන හිමියන් සමඟ අලවත්තේ ඥාණරතන හිමියන් ,වැල්ගාල විහාරස්ථානයේ කොටවර හේමානන්ද හිමියන්ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.




