(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ ජාතිකයකු වූ බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ බයිගුර් රහුමාන් පල්ලියේ උප පූජකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පෙරුමාල් සිවලිංගම් නමැති දෙමළ ජාතිකයකු වන එම පුද්ගලයා මොහොමඩ් හකීම් යන නමින් පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය යුද හමුදා නිලධාරීන් එක්ව අටුලුගම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට වසර පහකට පමණ ඉහතදී බණ්ඩාරගම අටුලුගමට පැමිණ තිබූ මෙම පුද්ගලයා මොහොමඩ් හකීම් ලෙස හඳුන්වමින් එම පල්ලියේ උප පූජකවරයා ලෙස දිනකට පස් වතාවක් ආගම දේශන කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීයවරයාට හෝ මුණගැසී නොමැති අතර ලියාපදිංචියක් පවා ලබාගෙන නැතැයි පොලිසිය කියයි.
ඔහු සියලුම බැංකු ගනුදෙනු කරඇත්තේ ද පෙරුමාල් ශිවලිංගම් යන නමින් බව හෙළි වී ඇත.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

