(රොහාන් කුමාර දිසානායක)
කොටියාකුඹුර නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොඩැල්ලක තිබී අධිතාක්ෂණික උපකරණ රැසක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද(01) අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාව සමත්වූ බව පිංදෙනිය පොලිසිය කියයි.
ආරක්ෂක හමුදාව භාවිතකරන ජී. පී. එස්. අධිතාක්ෂණික සන්නිවේදන උපකරණයක්, දුරදක්න, කැමරා, පෙට්රල් බෝම්බ, කඩු, පිහි, කම්බිරෝල්,වෝකි-ටෝකි යන්ත්‍ර,පාස්පෝට්, අයිතිකරුවන් නොමැති හැඳුනුම්පත් රැසක් මෙහිදී සොයාගැනිණි.
සැකකරුවන් හා භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.



