මුස්ලිම් ජාතික සන්ධානය පොළොන්නරුවට නම් දෙයි


(ක.ග කරුණාරත්න)

පළාත් පාලන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවට තරග කිරීමට මුස්ලිම් ජාතික සන්ධානය අද(13) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතාට නාම යෝජනා භාර දෙනු ලැබිය.

මුස්ලිම් ජාතික සන්ධානයේ මහ මහලේකම් එම්. තයිමුල්ලාහ් මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වුහ.