චන්ද්‍රසේන ගමගේ
හුංගම පොලිස් වසමේ කළමැටිය රක්ෂිතයේ දී මරා දමන ලද මුවෙකු ගුරුපොකුණ ප්‍රදේශයේ නිවසක පිටුපස තබා මස් කරමින් සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.
අද (02) දහවල් හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සෝදිසි කිරීමකින් අනතුරව මරා දමන ලද මුවා ගේ හිස කොටස සමග මස් තොගයක් හා මුවා මරා දමන ලද බවට සැක කෙරෙන ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි 65 වැනි වියේ පසු අයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

