මුවමස් සමඟ අයෙක් සැකපිට


හිරාන් ප්‍රියංකර ජයසිංහ 

කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේදි  ගමන් මල්ලේ මුව මස් රහසේ සඟවාගෙන බස් රථයකට නැගිමට සිටි සැකකරුවකු පුත්තලම කොට්ඨාස රථවාහන නිළධාරින් ( 18 ) දින අත් අඩංගුවට ගත් බව කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව පහල පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි කරුවකු බව කියයි.
 
රථවාහන පොලිස් නිළධාරින් ට අදාල සැකකරු පිළිබඳව සැක සිති ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි මුව මස් කිලෝ අටකට ආසන්න ප්‍රමානයක් තිබි සොයා ගෙන තිබු අතර එහිදි රථවාහන පොලිස් නිළධාරින් අදාල සැකකරු අත් අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ සඳහා කරුවලගස්වැව පොලිසියට භාර දි තිබුනි. 
 
සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි අනාවර්ණය කර ගෙන ඇත්තේ කිප දෙනෙකු සමඟ එක්ව  තබ්බෝව අභය භුමිය තුළදි මුවකුගේ මස් අලෙවි කිරිමට ගිය බවයි . එහිදි අලේවි කරන ස්ථානය පිළිබඳව හෙලි කර නැති අතර පොලිසිය සැක කරන්නේ මිට පෙරද සතුන් මරා මස් අලේවි කිරිමේ ජාවාරම මෙම සැකකරුවන් සිදුකර ඇති බවයි . 
 
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනි පුත්තලම කොඨඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති  උප පොලිස් පරික්ෂක  අයි.එම් .  නසිම් මහතාගේ උපදෙස් මත රථවාහන නිළධාරින් අත්අඩංගුවට ගැනිම සිදු කර තිබුනි