මුව මස් සමඟ කපුවෙක් සැකපිට


දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ  ශිත කරණයක දමා සඟවා  සිටි පුද්ගලයකු  ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුව මස් කිලේ 20 ක් සමඟ මස් දමා තිබු ශීතකරණය අත් අඩංගුවට ගෙනඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලයක කපුවකු බවද පැවසේ.
ලුණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත.

කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරූ මුවකු මරා මේ අයුරින් සීත කරණයේ දමා ඇති බව  වනජීවී නිලධාරීහු පවසති.