( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපතිවරයා ගොනු කළ කළ මුලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 11 වැනි දා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) තීන්දු තීරණය කළේය.
මෙම පෙත්සම ඊවා වනසුන්දර ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් පුෂ්පකුමාර මහතා ගොනු කළ මෙම පෙත්සෙම් අමාත්‍ය මණ්ඩලය , විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය, එම අමාත්‍යාංශය ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ වෙති.
මෙම ටෙන්ඩර් ලංසුව අවලංගු කර නව ටෙන්ඩර් කැඳවීම සිදු කරන ලෙසත්, සුදුසු වන්දි ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.