මුල්ලේරියාව රෝහලේ කොරෝනා රෝගීන්ට අලුත් වාට්ටු දෙකක්


(නිමන්ති රනසිංහ)

මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදි කෙරුණු ඇඳන් 352 යුත් කොරෝනා රෝගීන් සඳහා ඉදිකළ වාට්ටු දෙකක් වෙසක් පොහෝ දින අද දින (26) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් විවෘත කර එම රෝහල වෙත භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උදුගොඩ ජයන්ත කර ගොඩ කරගොඩ සහ මධුර විතාන යන මන්ත්‍රීවරුන් ද කොලොන්නාව ආසනයේ කැඳවුම්කරු අජිත් සුබසිංහ මහතා ද සහභාගි විය.

මීට සමගාමීව මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාට වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කෙරුණි.