(බිඟුන් මේනක ගමගේ )
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සංශෝධනය කරන්නේ යැයි ළමා ලේකම් කාර්යාලය පවසයි.
වසර 2004 දී පිහිටුවා ඇති මෙම ජාතික ප‍්‍රතිපත්තිය මෙසේ සංශෝධනයට ලක්වන්නේ කාලීන වෙනස්කම් අනුවය.
මෙම වනවිට සංශෝධිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි ද අමාත්‍යංශ මට්ටමින් ඉදිරිපත් කෙරෙන නිරීක්ෂණ මත එය තවදුරටත් සංශෝධනයවීමට ඉඩ ඇතැයි ද එහි ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ඒ අනුව අමාත්‍යංශ නිරීක්ෂණ මත සිදුවන එකතු කිරීම්වලින් පසුව අදාළ කෙටුම්පත කැබිනට් අනුමැතියට යොමු කිරීමට නියමිතය.
දැනට ක‍්‍රියාත්මක ජාතික ප‍්‍රතිපත්තිය යටතේ දරුවකු මව් කුස පිළිසිඳ ගැනීමේ පටන් විධිමත් පාසලකට ඇතුලත් කිරීම දක්වා වූ අවුරුදු පහක කාලය මුල් ළමා විය වශයෙන් නිර්වචනය කෙරේ.