
(සිතුම් චතුරංග)
මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියේගිලී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරුද අද (06) නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
වවුනියාවේ සිට විනෝද චාරිකාවක් පැමිණ ඊයේ (05) සවස මුලතිව් මුහුදේ දියනාමින් සිටියදී තරුණයින් තිදෙනකු දියවැලකට හසුවී මුහුදේ ගිලී අතුරුදන් වු බවත් ඉන් එක් අයකුගේ සිරරක් හමු වු බවත් පොලීසිය පැවසීය
අතුරුදන් වූ දෙදනාගේ සිරුර අද මෙලෙස සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ශිවලිංගම් සයිලන් (26) සහ වවුනියාව තෝණිකල් පදිංචි විජයකුමාරන් දර්ශන් නැමති තරුණයින් දෙදෙනාය.
පොලිසිය පැවසූයේ නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් මුහුදේ සිදුකළ සෝදිසි කිරීම් වලදී ඊයේ රාත්‍රිය වන විට දියේ ගිලී මියගිය එක් තරුණයකුගේ සිරුරක් මුහුදේ තිබී සොයාගත් බවත් අනෙක් සිරුරු දෙක සොයා මෙහෙයුම් සිදුකළද මුහුදේ රළු ස්භාවය හා රාත්‍රී අඳුර හේතුවෙන් සිරුරු සේවීම රාත්‍රියේ නතර කිරීමට සිදුවූ බවත්ය.
ඒ අනුව ඊයේ උදෑසන සිදුකළ මෙහෙයුම්වදී එක් තරුණයකුගේ සිරුරක් සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය පැවසීය මියගිය තරුණයින් තවත් තරුණයකු සමඟ මුලතිව් ප්‍රදේශයට විනෝද චාරිකාවක් පැමිණ සවස්කාලයේ දියනෑම සඳහා මුහුදට බැස ඇති බවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මුහුදේ අතුරුදහන්ව ඇති බවත් පොලිසිය කීය.
(රොමේෂ් මධුෂංඛ )
මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රළට ගසාගෙන ගොස් දෙදෙනකු අතුරුදන් වී එක් අයෙකු මියගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සෙවීම අද (06) දිනයේදී ද පොලීසිය සහ නාවික හමුදාව එක්ව සෙවීම් කටයුතු අරඹා තිබේ.
මිය ගිය තරුණයා වව්නියාව මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මනෝහරන් තනූජන් නැමති තරුණකු බව හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
අතුරුදන්ව ඇත්තේ වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් සහ සහ මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බව අනාවරණය වී තිබේ.
මේ දක්වා ඔවුන් හමු වී නොමැති බවටත් මුලතිව් මුහුදු රළ දැඩි රලු ස්වභාවයක් ගැනීම නිසා මෙම කටයුතුවලට බාධාවී ඇතැයිද පොලීසිය පැවසීය.
වව්නියාව ප්‍රදේශයේ සිට වෑන්රථයකින් අදාල තරුණයින් තිදෙනා දියනෑම සඳහා ඊයේ (05) සවස මුලතිව් මුහුදු තීරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදීද මුහුදු රල රළු වුවද එය සැලකිල්ලට නොගෙන දිය නෑමට යාමේදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.



