
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම් ප්‍රදේශයේ නිවෙසකට තියුනු ආයුද රැගෙන ඇතුලු වූ පිරිසක් සිදුකරන ලද පහරදීමකදී එක් අයකුට බරපතල තුවාල සිදු කර දේපල රැසක් විනාශ කර පළාගොස් ඇතැයි මල්ලාවි පොලීසිය පවසයි.
පාණ්ඩියන්කුලම් කරුම්පුල්ලියාන් ගම්මානයේ පිහිටි නිවසක මෙලෙස නාදුනන පිරිසක් තියුණු ආයුධ සමගින් ඇතුලු වී නිවෙස් හිමියාට පහර දීමෙන් අනතුරුව නිවස ඉදිරිපිට නවතා තිබූ වාහනයකටද පහර දී දැඩි අලාභහානි සිදුකොට ඇති අතරම නිවසේ තිබූ දේපල රැසකටද හානි වී තිබේ.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 43 හැවිරිදි තිදරු පියකු මල්ලාවි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කරුනු ලැබීය.
අදාල පහරදීම සිදුකරනු ලැබූ පුද්ගලයෙන් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලකට මෙලෙස පහරදීම සිදුකොට ඇති බවට පරික්ෂණ සිදුකරන මල්ලාවි පොලීසිය සැක පළ කර සිටියි.



