
(සිතුම් චතුරංග)
මුලතිව්,කල්ලපාඩු ප්‍රදේශයේදී විදේශ රැකියාවලට යවන තැරව්කරුවකුට පහරදී ඔහුගේ නිවස ඉදිපිට නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා තවත් වෑන් රථයකට පහරදී හානි කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ගිනි තැබු මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇති අතර, නිවස ඉදිරිපස නවතා තිබු වෑන් රථයේ වීදුරු කඩා දමා ඇති බවයි.
ගැටුමින් තුවාල ලැබු පුද්ගලයන් ප්‍රතිකාර සඳහා මුලතිව් මාංචෝලේ රෝහලට යොමුකොට ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පහරදුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා මුලතිව් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.



