මුලතිව් ගම්වැසියෝ ආරක්ෂක සේනා මුලස්ථානය අසල විරෝධතාවයක්


සිතුම් චතුරංග
          
මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ඇතුළු වීමට උත්සහ කිරීමත් සමඟ එම ස්ථානයේ අද (31) දහවල් එම ස්ථානය අසල නොසන්සුන් තත්වයක් හට ගැණිනි.
          
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් 31 වැනි දාට පෙර උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටුනොකිරීම නිසා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
 
 තම නිවාස වල බඩුභාහිර ආදි රැගෙන පැමිණි ජනතාව ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් මූලස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ අතර ආරක්ෂක අංශ විසින් එය වළක්වාලනු ලැබීය.