(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කේපාපිපලව් රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් යුද හමුදා සෙබලුන් 100 කට වැඩි පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ගින්න නිවා දැමීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට සිදු විය.
කේපාපිලව් රක්ෂිතය ගිනි ගොන ඇති බවට සාමාන්‍ය වැසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරුමහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් 100 කට වැඩි පිරිසක් සමගින් ජල බව්සර්ද යොදා ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබු අතර ඊයේ (05) මෙය සිදු වී තිබේ.
කේපාපිලව් රක්ෂිතයේ ගවයින් බැඳීමට පැමිණි පිරිසක් මෙම ගිනි තැබීම සිදු කළ බවට අසල්වාසීන් යුද හමුදාවට තොරතුරු ලබා දී ඇති අතර ඔවුන් මෙතෙක් සොයාගෙන නොමැත.



