වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබාදීමේ අරමුණින් ‘මව්බිම සුරැකීමේ සංවිධානය‘ නමින් නව සංවිධානයක් ආරම්භ කළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවසූහ.
එවැනි අසාධාරණයන්ට ලක් වූවන් වේ නම් ඔවුන්ට තම තොරතුරු මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, සභාපති, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ කමිටුව, ශ්‍රී අභයාරාම පුරාණ විහාරය, නාරාහේන්පිට, කොළඹ 5 ලිපිනයට යොමු කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කරයි.

