
(පද්මසිරි ගාර්දියවසම් සහ ඩී.ජී.සුගතපාල)
මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටි 32 හැවිරිදි පාසැල් ගුරුවරයෙකු අද (06) සවස 3.30 ට පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරල්ල මොරවක පදිංචි ඩබ්ලිව් .ජේ.කේ.බී.සුරේෂ් නමැති අයයි .
ඔහු සිය මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක පැමිණ මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිට ඇතැයි පොලිසිය පැවසීය
පසුව සුවසැරිය ගිලන් රථයකින් දියේ ගිලුණු තැනැත්තා වලස්මුල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ .
මෘතදේහය වලස්මුල්ල රෝහලේ තැන්පත් කර තිබේ .
මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

