මුරලි හදිසි ශල්‍යකර්මයකට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කළේය.

මුරලිදරන් එහිදී හෘදයේ නාලිකාවක අවහිරතාවක් සම්බන්ධයෙන් ශල්‍යකර්මයකට ලක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුරලිදරන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් හොඳම මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී මුරලිදරන් මෙසේ හදිසියේ රෝහල් ගත කළේය.